කො / ඇස්. ද ඇස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලය

පාසලේ ඉතිහාසය

13 වසරක අඛණ්ඩ විෂය ධාරාව - නව බඳවා ගැනීම්

275976887_137298318804180_2053100855811519099_n.jpeg
WhatsApp Image 2022-08-19 at 1.40.18 AM 1.jpeg
pxl_20231201_025820129.mp_compressed.jpg

දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ ආරම්භය

                                         වැල්ලවත්ත විහාර ලේන් ගාලු පාර අසල ජී.ඩී. වීරසිංහ සහෝදර පිරිසකගේ ගොඩනැගිලි වල පැවති ඇලිතියා පාසල තුළ ආරම්භයේ 1944-1945 පමණ කාලයේ මධ්‍යම මහා විද්‍යාලය තාවකාලිකව දවල් 12  න් පසු සතියේ දින පහේ පාසල පවත්වාගෙන යන ලදී.එවකට මුල් ගුරුතුමා(ප්‍රධාන ආචාර්ය)වශයෙන් ජයවීර බණ්ඩාර මහතා සහ උප ප්‍රධාන ආචාර්යතුමිය වශයෙන් ට්‍රික්සි විජේතිලක මහත්මිය කටයුතු කලාය.එවකට ගුරු මණ්ඩලයද 6ක් පමණ පැවතිණි.

                                          ළමයින් පිරිමි ගැහැණු 500 ක් පමණ වුහ.මෙහි පාසල මධ්‍යම මහා විද්‍යාලය නමින් පැවැත් වූයේ වර්ෂ 2 දෙකක් පමණ කාලයකි.ඉන් පසු දෙහිවල ඇලත් මාවතේ ජලසම්පාදන මණ්ඩලය අසල පිහිටි අක්කර 18 ක පමණ විශාල ඉඩම අප පාසල සදහා එලීනා ජයවර්ධන මහත්මිය විසින් එතුමියට අයත් ඉඩම මධ්‍යම මහි විද්‍යාලය සදහා නොමිලේ පරිත්‍යාග කරන ලදී.පොල් අතු සෙවිලි කල ගොඩනැගිලි කීපයක්එහි සාදා පාසල 1946 සිට පවත්වා ගෙන යන ලදී.උදේ 8 සිට සවස 1 දක්වා පාසල පැවැතිවිණ.එහිදිී ආචාර්ය මණ්ඩලය තවත් වැඩි විය.රටේ ජනප්‍රිය පාසලක් ලෙස නම් දරා සිටියේය.

                                          ඉන් පසු පාසලේ නිවාඩු කාලයේ 1953 අගෝස්තු 12 වැනිදා හර්තාල් දිනයේදී යම් පිරිසක් විසින් අප පාසල ගිනිබත් කරන ලදී.සියල්ල දැවී අලු වී ගියේය.එවකට පැවති රජයෙන් මන්ත්‍රිතුමාගෙන් ද සහය ඇතිව මාස 2 ක කාලයක් තුල එම ඉඩමේම ඇස්බස් ෂීට් යොදා සෙවිලි කල යකඩ කණු යොදා තැනූ විශාල ගොඩනැගිලි  කීපයක් අපට සාදා දෙන ලදී.ඉන් පසු 1955 වසරේ මුලල් අවදියේ විද්‍යාලයේ පහල දෙමහල් නව ගොඩනැගිල්ල සාදා එවකට ප්‍රධාන ආචාර්ය ඊ.සී.කේ අබේසේකර මහතා අතින් 1956 අග භාගයේ දී විවෘත කර පිරිත් දේශනාවක් කර සාංඝික දක්ෂිණාවක් ද පිරිනමා එම ගොඩනැගිල්ලට ජේෂ්ඨ පංති ගෙනයන ලදී.

                                           විද්‍යාගාර පහල මාලයේ පැවැත්විණ.මෙම විදුහලට විශාල සේවයක් කල ජයවීර බණ්ඩාර විදුහල්පති සහ උප විදුහල්පතිතුමිය වූ විජේතිලක මහත්මිය පසුව ඊ.සී.කේ අබේසේකර (විදුහල්පති) හා උප විදුහල්පතිතුමිය වූ චන්ද්‍රෙස්කර මහත්මිය ඇතුලු ගුරු මණ්ඩලය  පාසලට ඇප කැප වී ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් කරන ලද සේවය කෘතවේදීව සදහන් කිරිමට කැමැත්තෙමි.