- 01. 6 -13 ශ්‍රේණිය පිරිමි දරුවන් සඳහා නිල ඇඳුම සම්බන්ධව විනය නීති රීති මාලාව.
- කොණ්ඩය කොටට කපා තෙල් ගා පිරිය යුතු අතර විවිධ විලාසිතා හා වර්ණ ගැන්වීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
- රැවුල කපා සිටිය යුතුය.(09 - 13ශ්‍රේණි)
- සාක්කු මතුපිට පාසල් පාසැල් ලාංඡනය සහිත අත්කොට සුදු කමිසය හා සුදු කලිසම් සිටිය යුතුය.(10 - 13ශ්‍රේණිය )කලිසම පහල අඟල්( 14/16 )විය යුතුය.
- පාසල් නිල ඇඳුම තම ශරීරයට හිර නොවන ලෙස සාමාන්‍ය පරිදි සැරසිය සිටිය යුතුය.
- 6 සිට 11 ශ්‍රේණිය දක්වා ඔරලෝසු ලෙස පැලැඳිය නොහැක.
- පාසලේ ඇතිවන අවශ්‍යතා සඳහා දැනුම් දුන් විට දී ශිෂ්‍ය නායක යන අත් දිග කමිස ඇඳිය යුතුය.
- කළු මේස් හා ලේස් සහිත සාමාන්‍ය සපත්තු පැළදිය යුතුය.(ඉදිරිපස උල් හැඩය සහිත සපත්තු පැළඳිය නොහැක.)
- මාල හා මුදු ආදී විවිධ ආභරණ පැළඳීම නොහැක.
- නියපොතු කොටට කපා තිබිය යුතුය.
- 02. ශ්‍රේණි ගැහැනු දරුවන් සඳහා නිල ඇඳුම සම්බන්ධව විනය නීති රීති මාලාව.
- පාසලට නියමිත නිල ඇඳුමින් පැමිණිය යුතු වේ.
- සුදු ගවුම දණහිසේ සිට පහළට අඟල් 2 ක් දිගට තිබිය යුතුවේ. ඒය පාසලින් ඉදිරිපත් කර ඇති ප්‍රමිතියට අනුව සකස් කර ගතයුතු වේ.
- කොණ්ඩය තෙල් ගල්වා හොඳින් පීරා ඉර මැදින් බෙදා කොණ්ඩ කරල් දෙකක් අග හිස වෙනකම් ගොතනවා අඟල් 18 ක් පමණ දිග කළු රිබන් පටියකින් ගැට ගැසිය යුතුය.
- සුදු මේස් සහ සුදු සපත්තු පැළඳිය යුතුය.
- මුහුනෙ කිසිදු ආලේපනයක් ගැන්වීම හා ඇහිබැම සැකසීම නොකළ යුතුය.
- නියපොතු කොටට කපා තිබිය යුතුය පාට කළ නොහැක.
- 6 සිට 11 ශ්‍රේණිය දක්වා ඔරලෝසු පැළඳිය නොහැක.
- මාල, මුදු ආදී ආදි අබරණ පැළඳිය නොහැක. සාමාන්‍ය සරල කරාබු යුගලක් පැළැඳිය යුතු අතර විවිධ වර්ණයෙන් ගැන ඇල්ලූ කරාබු විසිතුරු කරාබු නොපැලද යුතුය.
- කළු සිහින් කොන්ඩ කටු කොන්ඩකටු 4 භාවිතා කළ හැක.
- කිසිදු හේතුවක් නිසාවත් වෙනත් ආභරණනො පැලඳ යුතුය. සුර පැලැඳිය හැක්කේ පිටත නොපෙනෙන ලෙස ය. 03.පොදු විනය නීති රීති.
- උදෑසන 7.15 ට පෙර පාසලට පැමිණීම අනිවාර්යය වේ.
- උදෑසන 7.25 ට පෙර තමන්ට අයත් පන්ති කාමරය හා පාසල් භූමියක් පිරිසිදු කර අවසන් කළ යුතුය.
- උදෑසන රැස්වීමට සියලුම දෙනා අනිවාර්යයෙන්ම සහභාගි විය යුතු අතර, ශරීර සුවතා වැඩසටහන ට සඳහා සහභාගි වීම අනිවාර්ය වේ.
- පාසලට නොගැළපෙන කිසිදු උපකරණයක් රැගෙන ඒම තහනම් වේ.(ජංගම දුරකථන , පරිගණක,ආයුධ,CD තැටි )
- අවසන පත නොමැතිව පන්තියෙන් බැහැර වීම තහනම් වේ.
- පන්තියෙන් පිටතට පන්ති කාමරයකට යන විට පන්තියේ සියලු දෙනාම පෙළකට ගමන් කළ යුතුය.
- භාෂා භාවිතය සංවර විය යුතුය.
- පාසල තුළ තුළ ගැටුම් ඇති කර නොගත යුතු අතර ගැටුම් සඳහා සහය දැක්වීමෙන් වැළකී සිටිය යුතුය.
- 6 සිට 13 ශ්‍රේණිය දක්වා සියලු සිසුන් පාසල් වේලාවෙන් පසු සහ පාසල් නිවාඩු කාලයේ පැවැත්වෙන පුහුණු වීම් ඇතුලු සියලුම කටයුතු සඳහා පැමිණීමේදී විෂය භාර ගුරුවරයා ගේ අනුමතය සහිතව සුදුසු ඇඳුමකින් සැරසි පැමිණිය යුතුය.
- පාසල් වේලාවෙන් පසුව පාසල තුළ පැවැත්වෙන අමතර පන්ති සඳහා සහභාගී වීමට දෙමව්පියන් අවසර ලබා ගත යුතු අතර අමතර පන්ති නිමවූ විගස නිමවූ විගස ම පාසලෙන් පිටව යාමට කටයුතු සම්පාදනය කරගත යුතුය.
- විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා පාසල් වේලාවෙන් පසු රැඳී සිටිය හැක්කේ විෂය භාර විෂය භාර ගුරුවරයා හෝ ඔවුන් විසින් යෙදූ වෙනත් ගුරුවරුයෙකු සිටින විටදී පමණි.
- පාසල තුළ මෙන්ම තුල මෙන්ම පාසලෙන් පිටතදී පාසලේ ගරුත්වය රැකීමට සියලු දෙනා වගබලා ගත යුතුය.
- පාසලේ දරුවෙකුට නොගැළපෙන සම්බන්ධතා පැවැත්වීම සපුරා තහනම්.එසේ සම්බන්ධතා පැවැත්වූ බව තහවුරු වුවහොත් මෙම පාසලේ ශිෂ්‍ය භාවය අහෝසි වන බව තරයේ අවවාද කරයි.
- පන්සිල් සමාදන් වීමේ දී ,ජාතික ගීය ,පාසල් ගීය ගායනා කිරීමේදී, නිවේදන සඳහා සවන් දීමේදී දීමේ දී හා පාසල අවසන් වන සීනු නාද කිරීමෙන් පසු පාසල තුළ ඇවිදීම හෝ ශබ්ද කිරීම නොකළ යුතුය.
- පාසල අවසන් වන සීනුව නාද වීමෙන් පසුව සියලු පේළි වශයෙන් පන්ති වලින් පිටතට ගමන් කළ යුතුය.
- පාසල නිම වූ පසුව නිවෙස් කරා යාමේදී පොදු ප්‍රවාහන පහසුකම් ලබා ගන්නවා සිසුන් පාසලේ හා තමන්ගේ ගරුත්වය රැකෙන පරිදි ය ආචාරශීලීව හැසිරීම් යුතුය.







