අ.පො.ස (සා.පෙළ) විභාගයෙන් පසු වෘත්තීය විෂය ධාරාව යටතේ උසස් පෙළට ඇතුළත් වී ජාත්‍යන්තරව පිළිගන්නා NVQ 4 මට්ටමට ලගා වෙමින් හෙට දවසේ දේශීය හා විදේශීය රැකියා ලෝකයට නොබියව මුහුණ දිය හැකි ඉහල වැටුපක් සහිත සාර්ථක වෘත්තිකයකු වීමට ආරාධනයයි!
ඔබේ හැකියාව ඔබේ ජයග්‍රහණයේ මාවතයි.
වැඩි විස්තර සදහා
- 0771673244
- 0719462988
- 0753202588
ඒ වගේම අ.පො.ස (සා.පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් ගණිත,කලා,තාක්ෂ,විද්‍යා යන විශයන් වලට අනුව අ.පො.ස (සා.පෙළ) විභාගය සමත් සිසුන් පාසලට අයදුම් පත්‍ර ලබා දී ඇත.



21 වන සියවසේ අභියෝග ජය ගැනීමට යෝග්‍ය පුරවැසියෙකු තැනීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් දෙහිවල ඇස් ද ඇස් ජයසිංහ මැදි විදුහලේ තොරතුරු තාක්ෂණ වෙබ් අඩවිය නිකුත් කිරිමේ අවස්ථාව වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් ඉදිරිපත් කිරිමට ලැබීම සතුටකි.අංගසම්පූර්ණ පරිගණකාගාරයක් සහ ටැබ් පරිගණකවලින් හෙබි අප පාසල එම සම්පත් අප විදුහලේ ඉගෙනුම ලබන සිසුන්ට මෙන්ම සහෝදර පාසල්වල පුහුණු අවස්ථා සදහා ද ලබා දෙමින් 21 ක් වන සියවසේ පරිගණක සාක්ෂරතාව නගා සිටුවීම සදහා දායක්වය සපයන බව සිහි කරන්නේ අභිමානයෙනි.පාසල් පාදක ගුරු පුහුණු වැඩසටහන් ආදිය තුළින් අධ්‍යන කාර්යමණ්ඩලයට ද පරිගණක භාවිතය හා තොරතුරු තාක්ෂණ හැකියාව වර්ධනය කිරිමට නිරතුරුවම වෑයම් කරමු.75 වසරක් ඉක්මවන අභිමානවත් මොාහාතේ විද්‍යාලීය වෙබ් අඩවියක් නිර්මාණය කිරිම අප ලත් ජයග්‍රහණයකි.ඒ තුළින් නූතන තාක්ෂණය භාවිත කරමින් අප පාසලේ තොරතුරු බාහිර ප්‍රජාව සමග බෙදා හදා ගැනීමත්,බාහිර පාර්ශව සමග සමීප සබදතා ගොඩනගා ගැනීමටත් අවස්ථා සැලසෙනු ඇත.එම කර්තව්‍ය සදහා නිරතුරුවම කැපවෙන විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ විෂය භාර T.B ප්‍රියන්ත මහතා,සනෝජ් පීරීස් මහතා,ගයත්‍රි හතුරුසිංහ ප්‍රමුඛ ඒ වෙනුවෙන් කැප වන දූදරුවන්ගේ දායකත්වය කෘතඥ පුර්වකව සිහිපත් කිරිමට මෙය අවස්ථාව කර ගනිමි.
ආර්.එම්.ජේ.පී.බී.ඉඩමේගම
විදුහල්පති
කො/ඇස් ද ඇස් ජයසිංහ මධ්‍ය විද්‍යාලය දෙහිවල .
ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත, කරගම්පිටිය, දෙහිවල
© 2025 කො / ඇස්. ද ඇස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලය - දෙහිවල. All rights reserved. Design with by Webcomms Global | Help Desk