කො / ඇස්. ද ඇස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලය

13 වසරක අඛණ්ඩ විෂය ධාරාව - නව බඳවා ගැනීම්

275976887_137298318804180_2053100855811519099_n.jpeg
WhatsApp Image 2022-08-19 at 1.40.18 AM 1.jpeg
pxl_20231201_025820129.mp_compressed.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

G.D.S.W. ගුණසේකර

දෙහිවල  ඇස්.ද.ඇස්.ජයසිංහ මධ්‍ය විද්‍යාලය දශක 7ක් පුරා දිවෙන කීර්තිමත් ඉතිහාසකට  උරුමකම් කියන  විදුහලකි.ආරම්භයේ  ඉංග්‍රීසි මාධ්‍ය පාසලක් ලෙස පැවතුණු මෙය පසුකාලීනව සිංහල මාධ්‍ය පාසලක් ලෙස  ලෙස ෙබෝහෝ  සිසු පිරිසකට අධ්‍යාපන,බෙදා දුන් සිප්හලකි.දෙහිවල මධ්‍ය විදුහල ලෙස පුවලිතව පැවති මෙය පසුකාලීනව  ඇස්.ද.ඇස්.ජයසිංහ මධ්‍ය විද්‍යාලය බවට පත් විය. විදුහල්පතිවරු ගනණාවකගේ පරිපාලනයට නතුවෙමින් දියුණුවට පත් මෙය වර්තමානය වන 1AB පාසලක් ලෙස 6සිට උසස් පෙළ දක්වා පංති පැවැත්වේ.විද්‍යා,ගණිත,කලා,වාණිජ,තාක්ෂණ,හා ප්‍රධාන අංශවලට අතිරේක 13 වසරක අඛන්ඩව අධ්‍යනය සදහා වෙන් වූ අංශයන් ද වර්තමානය වන විට ක්‍රියාත්කමකවේ.

        සිසුන් 593 කගෙන් සමන්විත මෙම පාසලේ අධ්‍යන කාර්යමණ්ඩලය 40 කි.විද්‍යාගාර,මහින්දෝදය විද්‍යාගාර,ගණිතාගාර,පරිගණක විද්‍යාගාරයකින් හා පුස්තකාලයකින් සමන්විත වන මෙහි භූමි භාගය අක්කර 9 ක් පමණ විශාලය.ඉතා දර්ශනීය පරිසරයකින් හෙබි මෙහි විශාල ක්‍රිඩාංගනයක් හා දැල්පන්දු පිටියකින් සමන්විත වේ.කීර්තතිමත් ආදි ශිෂ්‍ය පිරිසක් රටට දායාද කළ විදුබිමක් වන මෙම පාසලේ වත්මන් විදුහල්පති ජගත් ඉඩමේගම මැතිතුමාගේ මගපෙන්වීම ඔස්සේ 21 වන සියවසට උචිත විශ්වීය පුරවැසියකු සමාජයට දායාද කිරිමේ අරමුණින් තොරතුරු තාක්ෂණය පිළිබද දැනුමින් සන්නද්ධ කිරිම සදහා බොහො ප්‍රයත්න දරමින් සිටී.

        අභිනව වෙබ් අඩවි මුදාහැරීම් කර්තව්‍ය 21 වන සියවසයේ නව තාක්ෂණ සන්නිවේදන දොරටුව විවර කරලීමේ ප්‍රයත්නයක්  ලෙස සදහන් කළ හැකිය. ඒ සදහා කැපවී ක්‍රියාකරන තොරතුරු තාක්ෂණ විෂය භාර ,T.B ප්‍රියන්ත මයා,සනෝජ් පීරිස් මහත් සහ ගයත්‍රි හතුරුසිංහ  මිය ප්‍රමුඛ ඒ සදහා කැප වබ දූදරුවන්ගේ දායකත්වය බෙහෙවින් අගය කරමි.

G.D.S.W. ගුණසේකර
නියෝජ්‍ය විදුහල්පති
කො/ඇස් ද ඇස් ජයසිංහ මධ්‍ය විද්‍යාලය දෙහිවල.